විදුහල්පති පණිවිඩය
ඩබ්ලිව්.ඒ.එල්.දුමින්ද වික්‍රමආරච්චි මයා
මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, කටුගස්තොට අධ්‍යාපන කලාපයේ. ගලගෙදර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටා තිබෙන මිණිගමුව මහා විද්‍යාලය ප්‍රදේශය දරුවන්ගේ නැණ නුවණ හැකියා දක්ෂතා එළි දක්වන දීප්තිමත් පාසලකි. වසර 118 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන අප පාසල කලාප මට්ටමෙන්, පළාත් මට්ටමෙන් මෙන්ම ජාතික මට්ටමෙන්ද ජයග්‍රහණ රාශියක් එදා මෙදා තුර පාසලට ලබා දීමට මෙහි ඉගෙනුම ලැබූ, ඉගෙනුම ලබන සිසු සිසුවියන් සමත්ව ඇත. විශේෂයෙන්ම අප විද්‍යාලය අත්පන්දු ක්‍රීඩා අංශයෙන් බොහෝ ජයග්‍රහණ ලබා ඇත. මෙම පාසලෙන් අධ්‍යාපනය ලබා රටේ ඉහළම තනතුරුවල කටයුතු කරන බොහෝ පිරිසක් ද සිටිති.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය බොහෝ කැපවීමෙන් කටයුතු කරයි. විද්‍යාලයේ විෂය සමගාමී කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතුඩ බොහෝය. පාසලේ තොරතුර තාක්ෂණ අංශයද පසුගිය කාලය පුරා විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවද දක්නට ලැබේ. විවිධ පාර්ෂව සමඟ කටයුතු කිරීමේදී තොරතුරු තාක්ෂණ අංශය දියුණුව ඉතාමත් වැදගත් වන කාරණයක් බව මා විශ්වාස කරමි. තවද විද්‍යාලය සමඟ සම්බන්ධ සියලු පාර්ශවයන් අප පාසලේ වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි. මෙම මහඟු කාර්ය සාර්ථක කරගැනීමට ඇප කැපවී කටයුතු කරන විද්‍යාලය තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුතුමියට හා ඒ සඳහා දායකත්වය සහයෝගය දැක්වූ සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරමි. සීග්‍රයෙන් වෙනස් වන සමාජයක තාක්ෂණය හඹා යමින් අභියෝගවලට මුහුණ දීමට හැකි සහ ඒ තුළින් අනාගත ලෝකයට වැඩදායී යහපත් පුරවැසියෙකු වීමට ට ආදරණීය දුවේ පුතේ ඔබටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
ස්තුතියි
ඩබ්ලිව්.ඒ.එල්.දුමින්ද වික්‍රමආරච්චි මයා
විදුහල්පති
මප/කටු/මිණිගමුව මහා විද්‍යාලය.





