කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
අප විද්‍යාලය 1966 වර්ෂයේ දී ආරම්භ වූ බව කියැවේ. පිළිබඳ පිළිගත හැකි තොරතුරු බොහෝ ඇතත් ලිඛිත සාධක අප වෙත නැත.
මිණිගමුව පුරාණ විහාරාධිපතිව වැඩ විසූ වල්පොල රතන ජෝති ස්වාමින් වහන්සේ සහ එවකට ගම්වාසීන් එක්ව තාවකාලික මඩුවක දැනට තිබෙන මිණිගමුව විහාරස්ථාන භූමියේ ආරම්භ කර ඇත. පසුව විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ දුංකුඹුරේ ශ්‍රී සීලානන්ද ස්වාමීන් වහන්සේ සමයෙහි උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථානයේ ඉඩම් පරිත්‍යාග කර දැනට පාසල තිබෙන මේ ස්ථානයේ පාසල ආරම්භ කර ඇත.
ඒ සමයේ තිබුණු ගොඩනැගිලි නැතත් දැනට ඇති පැරණිතම ගොඩනැගිල්ල වනුයේ අංක 04 ශාලාව ලෙස අප හඳුන්වන ගොඩනැගිල්ලයි. එය ඉදි කළ කාලයක් හෝ අනුග්‍රහකු පිළිබඳ තොරතුරු නැත.
එහෙත් දැනට රැස්වීමි පැවැත්වෙන අංක 05 ශාලාව 1954 දී පමණ එවකට කඩුගන්නාව ආසනය ලෙස පැවති පාර්ලිමේන්තු ආසනයේ මන්ත්‍රීවරයෙක් වූ ඊ. ඒ. නුගවෙල මැතිතුමාගේ අනුග්‍රහය ඇතිව ඉදිවී විවෘත කර ඇත. 1960 දශකය දක්වා ද මෙම විද්‍යාලය සතු ගොඩනැගිලි වූයේ ඉහත දැක්වූ ගොඩනැගිලි දෙකත් ඊට අමතර වූ තාවකාලික ගොඩනැගිල්ලකුත් වේ.
ගලගෙදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස හැටේ දශකයේ සිටි අබ්දුල් ජබාර් මැතිතුමාගේ මැදිහත්වීමෙන් මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට උසස් කරනු ලැබු 1963 දී මහා විද්‍යාලයක් ලෙස විවෘත කරන ලදී.
මෙම විද්‍යාලයේ භෞතික සම්පත් සංවර්ධනයේ ස්වර්ණමය යුගය වන්නේ හිටපු ගල ගෙදර පාර්ලිමේන්තු මන්ත්‍රී හා සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු ඇමැති හා බෞද්ධ කටයුතු පිළිබඳ ඇමති ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඒ.එම්.ජී.ටී. බණ්ඩා මැතිතුමාගේ කාලයකු වූ නවසිය හැටේ දශකයේ අගභාගය සහ හැත්තෑව අසූව දශකයයි. මෙම භූමියේ ඇති බොහෝ ගොඩනැගිලි එතුමාගේ අනුග්‍රහය ඇතිව පාසලට ලැබුණු ගොඩනැගිලි වේ.
|
ආරම්භ කළ වර්ෂය |
1906 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
05 |
|
පාසලේ ආදි කතෘගේ නම |
වල්පොල රතන ජෝති ස්වාමින් වහන්සේ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මිණිගමුව විද්‍යාලය |
|
පාසල මහ විද්‍යාලයක් වූ වර්ෂය |
1963 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මිණිගමුව ගම්මානයේ මිණිගමුව විහාරස්ථාන භූමියේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
මුදියන්සේ මයා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1906 |





