නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ජේ. එම්. එම්. කුමාරි මිය
වසර 120 කට වැඩි දිගු ඉතිහාසයකට උරුමකම් කියන මිණිගමුව මහා විදුහල අති රමණීය කඳු ගැට්ටක් මත පිහිටි සුන්දර තෝතැන්නකි. දහම් සිසිලෙන් නැහැවෙමින් මිණිගමු විහාරස්ථානයට මුහුණලා සිටිමින් කියාපාන්නේ විදුහල් මාතාවගේ දරුවන් නිරන්තරව දහම් අධ්‍යාපනයෙන්ද හැසිරෙමින් ගුණගරුක විනයගරුක ප්‍රඥාවෙන් ඔප නැංවෙන බවකි. මේ පින්බිමක අරුමයයි.
ආදරණීය දුවේ පුතේ,
මේ විදුහල් මාතාවගේ ඒකායන පැතුමයි. විදුහල අතීතයේ පටන් අනාගත ලෝකයට දායාද කරවූ ශ්‍රේෂ්ඨයින් බොහෝය. එදා මෙදා තුර ඒ වෙනුවෙන් ඇප කැපවූ විදුහල්පතිවරුන්, ගුරු මව්වරුන් හා ගුරුපියවරුන් අනෙකුත් පාසල් කාර්ය මණ්ඩල ප්‍රජාව බොහෝ බව ආදරණීය දුවා දරුවන්ට මතක් කර දෙන්නේ මහත් අභිමානයෙනි. ඔබ අප ජීවත්වන සුන්දර ගම්මානය බැබළවීමට හැකිවන්නේ ඔබට පමණයි. අධ්‍යාපනික ගුණාත්මක සංවර්ධනය මෙන්ම ආකල්පමය දියුණුවද වඩවාගත යුතුය ලෝකයට ඔබින අයුරින් ඔබව දැනුමින් පරිපූර්ණ කිරීම විදුහල් මාතාවගේ බලාපොරොත්තුවයි. ඒ තුළින් අනාගත ලෝකයට හොඳ පුරවැසියෙකු දායාද කිරීම ඒකායන පැතුමයි.
විදුහල් මාතාව බබලවන්නට හැකි වන්නේ ඔබටයි. සීග්‍රයෙන් වෙනස් වන සමාජයක තාක්ෂණය හඹා යමින් අභියෝගවලට මුහුණ දීමට හැකි සහ ඒ තුළින් අනාගත ලෝකයට වැඩදායී යහපත් පුරවැසියෙකු වීමට ට ආදරණීය දුවේ පුතේ ඔබ අදිටන් කර ගත යුතුය. ඔබට ඒ සඳහා ශක්තිය ධෛර්ය හා වාසනාව උදා වේවායින් යන පැතුමත් සමග විදුහල් මාතාව දිනේවා! අනාගතය පැහැබරව දිලේවායි සුභා සුභාශිංසනය කරමි.
ස්තූතියි
ජේ. එම්. එම්. කුමාරි මිය
නියෝජ්‍ය විදුහල්පති
මප/කටු/මිණිගමුව මහා විද්‍යාලය.





